8097490281_b0e2f11cb5_b_1024

කේන්තියෙන් රාත්‍රියේ නින්දට යෑම නුසුදුසු බව බොහෝ අවස්ථාවන් වල අපගේ දෙමව්පියන් වැඩිහිටියන් අපට පවසා තිබෙන කාරණයක්. බොහෝ වේලාවන් වලදී අපි මෙවන් ප්‍රකාශයන් හුදෙක් පැරණි විශ්වාසයන් ලෙස බැහැර කිරීමට පුරුදු වී සිටියත් ඉහත සඳහන් කාරණය පිළිබඳව නම් දැන් විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වෙමින් පවතිනවා. අද අප ඔබට විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි

කේන්තියෙන් එසේත් නැතිනම් දුක්බර මතකයන් සමග නින්දට යාම එම මතකයන් අපගේ සිත තුල වඩාත් තහවුරු වීමට හේතු වන බව පර්යේෂකයන් දැන් සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් අප එදිනෙදා ජිවිතයේ අත්දකින සෑම දෙයක්ම අපගේ දීර්ඝ කාලින මතකයෙහි රඳා පවතින්නේ නැහැ. බොහොමයක් දේ අපගේ මතකයෙන් ගිලිහි යනවා. අපගේ වැදගත් මතකයන් සහ අපට අත්‍යවශ්‍ය කාරණා අපගේ දීර්ඝ කාලීන මතකය තුල රඳවා ගැනීමට නින්ද බෙහෙවින් උපකාරී වෙනවා. අප නින්දට ගියපසු එදිනෙදා අපගේ ජිවිතයේ සිදුවූ වැදගත් සිද්ධීන් මෙලෙස මතකයේ තීව්‍ර වීම සිදුවෙනවා.

අප දුක්බර මතකයන් සමග නින්දට වැටුනහොත් ඒවත් මේ ලෙසින්ම අපගේ මතකය තුල තීව්‍ර වීම සිදුවන බව පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. මේ අධ්‍යයනය සිදුකොට තිබෙන්නේ චීනයේ Beijing Normal University හි පර්යේෂකයෙකු වන Yunzhe Liu විසිනුයි

පර්යේෂකයන් විසින් පිරිමි සිසුන් 73 දෙනෙකුන් යොදාගෙන මේ පර්යේෂණය සිදුකොට තිබෙනවා. මෙමෙ සිසුන්ට නින්දට පෙර සාමාන්‍ය චායාරුප පෙළක් පෙන්වන අතර තුර දුක්බර චයරුප කිහිපයකුත් පෙන්වනු ලබනවා. ඔවුන් නින්දට ගොස් පසුදින අවදිවූ පසු පෙර දින පෙන්වන ලද සාමාන්‍ය චයරුප පෙළ නැවත පෙන්වන අතර අර දුක්බර චායරුපයන් නැවත සිහියට නැගීමට හෝ එය නැවත සිහිපත් වීම ආයාසයෙන් වලක්වන ලෙස පවසනු ලබනවා. මෙහිදී ඔවුන් භාවිත කොට තිබ්බෙන්නේ think/no-think යන මනෝවිද්‍යාත්ම මුලධර්මයි

පර්යේෂකයන් නැවතත් මේ ක්‍රියාවලියම සිදුකරනු ලබනවා මෙහිදී චායාරුප  පෙළ පෙන්වා මිනිත්තු 30 කින් පසු think/no-think ක්‍රියාවලිය සිදුකොට තිබෙනවා.

පර්යේෂකයන් ලබාගත් දත්ත අනුව දෙවන අදියරේදී පලවන අදියරට වඩා පහසුවෙන් සිසුන්ට දුක්බර චයරුප පෙළ අමතක කිරීමේ හැකියාවක් ලැබේ තිබෙනවා. එනම් නින්දට යාමත් සමග දුක්බර චායාරුප පෙළ පිළිබඳව ඔවුන්ගේ මතකය වඩා තීව්‍ර වී තිබෙනවා

පර්යේෂකයන්ට අනුව ඔබට අප්‍රසන්න අත්දැකීමක් ඔබේ මතකයෙහි තැන්පත් වීම වලක්වාගැනීමට අවශ්‍ය නම් ඔබ නින්දට යාමට පෙර එම ගැටලුව නිසිපරිදි නිරාකරණය කරගැනීම වඩාත් උචිත වනවා. කෙසේ වෙතත් මේ පරීක්ෂණය තවත් ඉදිරියට කරගෙන යායුතු බව පර්ක්ෂකයන් ගේ අදහයි. උදාහරණයක් ලෙස මේ පර්ක්ෂණයට ඔවුන් භාජනය කොට ගෙන තිබෙන්නේ පිරිමි සිසුන් පමණයි එමෙන්ම යොදාගෙන තිබෙන සිසුන් ප්‍රමාණයත් සාපේක්ෂව කුඩා ප්‍රමාණයක්. පරීක්ෂකයන් ගේ අදහස මේ පිළිබඳව වැඩිදුර පරක්ෂණ සිදුකිරීමටයි.

Source  http://medicalxpress.com/news/2016-11-dont-bed-mad-worse.html

1055 Total Views 1 Views Today

Comments

comments