page 1

මිට පෙරත් අප ඔබට මෝටර් රථ වල විවිධවූ තාක්ෂනයන් ගැන ලිපි ගෙන අවා මතක ඇති. හැමෝම දන්නවා කියල හිතන වැඩිපුර කතානොකරන දෙයක් පිලිබඳ කතා කිරීමට අපි සිතුවා. ඒ seat belt පිළිබඳවයි. මෝටර් රථයක ගමන් කරන ඕනෑම වෙලාවක අපට අනතුරක් සිදුවිය හැකියි. ඒ අපගේ වරදින් හෝ වෙනත් කෙනෙකුගේ අතින් වන්නට පුලුන්වන්. කොහොම උනත් එවැනි අනතුරකදී අපගේ ජීවිතය ආරක්ෂා කරදීමට ඉදිරිපත්වන්නේ අප පැළඳ සිටින seat belt එක. දැනට මෝටර් රථ වල යොදාගන්න three point seat belt එක design කරේ volvo සමාගම ඒ 1959 වසරේදී. ඔව්න් මේ ඉතාමත් ආරක්ෂක්කාරී seat belt එක design කරත් ඔව්න් එයට ලබාගත් පේටන්ට් බලපත්‍රය විවුර්තව (open patent) තැබුවා. මොකද මගීන්ගේ ආරක්ෂාව සඳහා අනෙකුත් මෝටර් රථ සමාගම් වලටත් ඒ තාක්ෂනය ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින්.

මෝටර් රථයක් වේගයෙන් ගමන් ගන්නාවිට අපගේ ශරීරයත් ඒ වේගයෙන්ම මෝටර් රථය තුල ගමන් කරනවා, හැබැයි අපි මෝටර් රථයේ කොටසක් නොවෙයි. ඒ නිසා හදිසි අනතුරකදී මෝටර් රථය යම්කිසි දෙයක ගැටී ක්ෂණිකව නතරවුවත් අපගේ ශරීරයසතු ගම්‍යතාවය (momentum) නිසා අපි ඉදිරියට විසිවී යනවා. එම විසිවීයාම හා මෝටර් රථය පෙරලීමේදී එලියට විසිවීම වැලැක්වීමට seat belt එක කටයුතු කරනවා. එනම් අපද මෝටර් රථයේ කොටසක් මෙන් රථය තුල තබාගැනීම එහි කාර්යයි. ඔබ දැනටමත් දන්නවා ඇති වාහනයේ seat belt එක සෙමෙන් අදිනවිට ආවත් ටිකක් ගස්සල එකපාර ඇද්දම එන්නේ නැ, lock වීමක් සිදුවනවා. ඊට අමතරව අනතුරකදී airbag පද්ධතිය මගින් ලබාදෙන signal එකකට අනුව seat belt එක යම් තදකිරිමක්ද (tension) කිරීමක්ද සිදුවනවා. එවිට ඉදිරියට විසිවී සිදුවන අනතුරු අවම කරගන්න පුළුවන්. නමුත් යෙදෙන බලය වැඩිනම් අපගේ ශරීරයට හදිසිදුවිම්ට හැකියාවක් පවතින නිසා load limiters මගින් belt එක යම් දුරකටගමන් කිරීමට ඉඩ ලබාදෙනවා.

නිවැරදිව seat belt එක පලන්දිනේ මෙහෙමයි, මෝටර් රථයෙ අසුන නිසි ආකාරව සකස් කරගැනීමෙන් පසුව හොදින් පසුපසට හේත්තුවෙලා seat belt එක දාගන්න, ඊට පස්සේ පපුව හරහට යන පටිය උඩට පොඩ්ඩක් උඩට ඇදල උකුල උඩින් යන කොටස තදකරගන්න, අනතුරකින් ආරක්ෂවන්න ඒ ප්‍රමාණවත්. දැනට අපරටේ නිතිය පවතින්නේ මෝටර් රථයේ ඉදිරිපස ගමන් ගන්න පුද්ගලයින් දෙදෙනා අනිවාර්යෙන් seat belt පැළඳිය යුතුයි කියලයි. නමුත් හැකි සැමවිටම මෝටර් රථයේ සිටින සියලුදෙනාම seat belt පැළඳිය  යුතු බව අපගේ අදහසයි. විශේෂයෙන් කුඩා දරුවන් හැකිතාක් පිටුපස ආසනයේ තබන්න, child seat එකක් පාවිච්චි කරන්න පුලුවන්නම් වඩාත් හොඳයි. මොකද පෙරලෙන හෝ අනතුරක් සිදුව්වන විට පහසුවෙන් කුඩා දරුවන් වාහනය තුල එහා මෙහා විසිවෙන්න පුළුවන්.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

seat belt නොමැති විට පෙරලිමකදී රථයෙන් එලියට විසිවන ආකාරය

මේ කාන්තාව seat belt පැළඳ සිටින නිසා රථය පෙරලුනත් ඇය ආරක්ෂිතයි

1945 Total Views 1 Views Today

Comments

comments