මොටර් රථ ගැන ගොඩක් කතා කල නිසා අපි සිතුවා තවත් අලුත් ලිපි පෙළක් පලකරන්න. මේ නැව් ගැනයි. නැවක් කියල කිව්වම අපිට එකපාරම සිහියට නැගෙන්නේ කන්ටේනර් පෙට්ටි පුරවගත්ත නැවක්. මොකද අපි වැඩිපුරම දකින්නේ ඒ වගේ නැව් නිසා. නමුත් ලෝකයේ විවිධවූ බඩු බාහිර ප්‍රවාහනය කිරීමට එකිනෙකට වෙනස් විවිධ නවුකාවන් භාවිතා කරනවා. අපි මේ ලිපියෙන් එවැනි නාවුකා වර්ග කිහිපයක් ගැන කතා කරනවා. ඒ වගේම නවුකාවන් වල භාවිත කරන තාක්ෂනයන් පිළිබඳව ඉදිරියේදී කතා කිරීමටත් අපි බලාරොත්තුවනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකා (Cargo Ships)

container

නැවක් කිව්වම අපිට එකපාරම මතක්වෙන්නේ මේවා තමයි. කන්ටනේර් පෙට්ටි පුරවගත්ත නැවක්. මෙහිදී ප්‍රවාහනයට කරන භාණ්ඩ වෙනම කන්ටනේර් පෙට්ටිවල දාල තමයි ප්‍රවාහනය කරන්නේ. විවිධ ගමනාන්තයන් කරා මේ නැව් ගමන්කරන්නේ ඒ ඒ වරායන් වලට අදාල කන්ටනේර් පෙට්ටි යොමු කරමින්.  දැන් අලුතෙන් නිපදවන මේ වගේ නැව් මීටර් 400ක් පමණ දිගින් යුක්තයි. ඒ වගේම අඩි 40 කන්ටේනර් පෙට්ටි 9000 පමණ රැගෙන යාමේ හැකියාවෙන්ද යුක්තයි.

bulk

Bulk carriers මේ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකම තමයි. නමුත් මේය යොදාගන්නේ ඉතා විශාල ප්‍රමාණයක්, (bulk එකක්)   ප්‍රවාහනයට. තිරිඟු පිටි, ඛනිජ වැලි, ගල් අඟුරු පොහොර උදාහරණයට ගන්න පුළුවන්.  ඇසුරුම් කරණලද හෝ ඇසුරුම් නොකරන ලද මේවැනි භාණ්ඩ නැව තුල ඇති ඉතා විශාල cargo hold වල ප්‍රවාහනය කරනවා.

රථ වාහන ප්‍රවාහන නෞකා RoRo (Roll on Roll Off)

roro

මේ නැව් යොදාගන්නේ රථ වාහන ප්‍රවාහනයට. ඉස්සර කොළඹ වාරයට ආපු මේ නැව් දැන් යන්නේ හම්බන්තොට වාරයට. දැක්ක ගමන් හදුනා ගන්න පුළුවන් මේ නැව් ඉතාමත් උසයි, ඒ රථ වාහන නවතා තැබීමට decks ගොඩක් තිබෙන නිසා. උස වැඩි නිසා මේ නැව් ටිකක් පෙරලෙන්න බරයි. වාහන නැවෙන් ඉවත් කරන්න ක්‍රෙන් එකක් අවශ්‍ය නැ. වාරයේ ජැටියට බාන්න පුළුවන් දොරක් මේ නැව් වල තියන නිසා නැවේ ඉඳන් වාහනය drive කරගෙනම එලියට එන්න පුළුවන්.

තෙල් නෞකා (tankers)

Tanker

තෙල් නැව් වලින් තමයි ඉතින් ලෝකේ වටේම තෙල් බෙදන්නේ. බොරතෙල් වගේම පිරිපහදු කරපු පෙට්‍රල්,ඩිසල් භූමිතෙල් වගේ දේවලුත් ප්‍රවාහනය සිදුකරනවා.ඉතා තියුණු අධීක්ෂණයක් යටතේ තමයි මේ නැව් පාලනය වන්නේ. මොකද ගින්නක් එහෙම ඇති උනොත් කාට කියන්නද. මීටර 458 දිගින් යුතු Mont නමැති නැව තමයි විශාලම තෙල් නැව වුනේ. හැබැයි දැන්නම් මේක භාවිතයන් ඉවත්කරලා.

මගී නෞකා (passenger ships)

passenger

මගීන් රැගෙන ලොව වටා යාත්‍රා කරන මේ නැව් ඇත්තටම කුඩා නගරයක් වගේ. සිනමාශාලා, ආපනශාලා, වගේම කුඩා ප්‍රමාණයේ සතුටු උයන් හා පිහිනුම් තටාක වලින්ද මේ නැව් . තට්ටු හත අටකින් සමන්විතයි. මේ වසරේ දියත්කිරීමට නියමිත  MS Harmony of the Seas නැව විශාලතම මගී නැවයි එය මීටර 364ක් දිගින් යුක්තයි.

Heavy lifting ships

heavy l

අධික බරින් යුතු විශාල තෙල් අට්ටාල, හා නවුකා ප්‍රවාහනයට මේ නැව් යොදාගන්නවා. මේක සාමාන්‍ය නැවක් කියල හදුන්වන්නටත් බැහැ. මේ නැව ප්‍රවාහනය කරන තෙල් අට්ටාල වගේ දේවල් උස්සල නැවේ තට්ටුව උඩින් තියන්න බැනේ. එනිසා මේ නැවට දෙයක් පටවන්න ටිකක් අමුතු දෙයක් සිදු කරනවා. ඒ තමයි පාවෙන තෙල් අට්ටාලය හෝ නැව ලඟට ගිහින් නැව ඇතුලට වතුර පුරවාගෙන මේ නැව ජලයේ ගිලෙනවා.එවිට නැවේ deck එක උඩට ප්‍රවාහන කරන්න ඕන දේ tug බෝට්ටු වලින් ඇදගෙන ඇවිත් නියමිත විදිහට ස්ථානගත කරට පස්සේ නැවේ තියෙන වතුර එලියට පොම්ප කරලා උඩට එනවා. එතකොට ප්‍රවාහනය කරන්න ඕනේ දේ නැවේ තට්ටුව උඩ තියන නිසා ප්‍රවාහනය සිදුකරන්න පුළුවන්. මේ වගේ විශේෂිත නැව් තව තියෙනවා. ඒවා ගැන අපි ඉස්සරහට කතා කරමු.

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

10511 Total Views 15 Views Today

Comments

comments