sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-1

zero emissions යනු දැන් ලොව පුරාම කතාබහ වන මාතෘකාවක්. එනම්  කිසිදු වායු  විමොචනයකින් තොරව ප්‍රවාහන කටයුතු කරගැනීමේ හැකියාවයි. ලොව පුරා බොහොරටවල් මෙවැනි තාක්ෂනයන් සඳහා  යොමුවන්නේ ඒවායේ ඇති පරිසර හිතකාමී බව නිසාමයි. ලංකාවේ මෙන් නොව ලොව දියුණු බොහෝ රටවල් වල hybrid වාහන හා පුර්ණ විදුලි බලයෙන් ධාවනය වන වාහන මිලදීගැනීමට තම ජනතාව උනන්දු  කරනවා, ඒ බදු අඩුකිරීමෙන් හා  මිලදීගැනීමේදී  මෝටර් රථයේ වටිනාකමින් කොටසක් ගෙවීමෙන්, මහා බ්‍රිතාන්‍ය මෙයට හොඳ උදාහරණයක්. කෙසේවෙතත් මෙවැනි මෝටර් රථයක් මිලදීගැනීම සිහිනයක් බවට පත්වද්දී අප අද ඔබට විස්තර ගෙන එන්නේ නව  සුර්යබල ත්‍රි රෝද රථය පිළිබඳවයි.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-2

මෙය නමින් Sunnyclist ලෙස හදුන්ව දී තිබෙනවා. වසර 2011දි ග්‍රීසියේ ඉංජිනේරුවන් පිරිසක් විසින් මෙය concept design එකක් ලෙස ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව 2012දි  හා 2013දි prototype දෙකක් ද සාර්ථකව  අතහදා බලා තිබෙනවා. මුලිකවශයෙන් ඇලුමිනියම් frame  එකක් වටා මෙය නිර්මාණය කර ඇති අතර lithium iron phosphate (LiFePO4) බැටරියකින් හා 6 kW මෝටර දෙකකින් පසුපස රෝද බලගන්වෙනවා. මිට අමතරව මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙය ප්‍රධාන විදුලි සැපයුම මගින්  charge කිරීමෙන්, වහලයේ සවිකර ඇති solar panel මගින් charge කිරීමෙන් හා රියදුරු ඇතුළු මගීන්ට සපයා ඇති independent potable pedals පෑගීම මගින්ද charge කිරීමේ හැකියාවයි.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-3

බැටරිය charge කිරීම මගින් 70 km දුරක් 35 kmph වේගයෙන් ගමන් කල හැකි අතර හොදින් සුර්යාලෝකය ඇති දිනෙක තවත් 50 km දුරක් ගමන් කිරීමේ හැකියාවද ලැබෙනවා. මිට අමතරව සාමාන්‍ය pedal කිරීමක් මගින් තවත් දුරක් එකතුකර ගන්නට පුළුවන්. එලෙස එක් කිරීම මගින් 190 km පමණ දුරක් එක් charge එකකින් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. 250 kg උපරිම බරක් සහිතව ධාවනය කළහැකි මෙම රථය ඔව්න් ප්‍රධාන වශයෙන් සැලසුම් කර ඇත්තේ නගරාසන්න ප්‍රයෝජන සඳහායි. මිට අමතරව විශාල හෝටල් ගොල්ෆ් පිට්ටනි සඳහාද ඔව්න් මෙය නවීකරණය කිරීමට සුදානම් බව පවසනවා.

sunnyclist-tricycle-solar-pedal-power-indiegogo-16

664 Total Views 2 Views Today

Comments

comments