windows-10-automatic-update

How to disable automatic updates | www.techpedia.lk

Windows 10 මෙහෙයුම් පද්දතිය අද බොහෝ දෙනා අත්හදා බලනවා. ඔබ දැනටමත් windows 10 වලට ඔබගේ පරිගණකය upgrade කරගෙන අවසන් නම් මේ ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙයි මොකද අද අපි ඔබට කියන්නේ windows 10 වල auto-updates නවත්වන්නේ කොහොමද කියලයි. ඔබ තවමත් windows 10 වලට ඔබේ පරිගණකය upgrade කරගත්තේ නැත්නම් ඉක්මනින් windows 10 upgrade කරගන්න ආකාරය අපේ මේ සටහනින් බලාගන්න පුළුවන්.

ඕනෑම windows මෙහෙයුම් පද්දතියක auto-updates තිබෙනවා නමුත් ඒවා අදාල වෙන්නේ windows මෙහෙයුම් පද්දතිය සඳහා පමණයි. කෙටියෙන්ම කිවොත් windows 7 හෝ windows 8 මෙහෙයුම් පද්දතියකදී ඔබ auto-updates සක්‍රිය කර තිබුනොත් ඔබට ලැබෙන්නේ windows මෙහෙයුම් පද්දතියට අදාල updates පමණයි. ඔබ භාවිතා කරන අනෙකුත් software සඳහා එන updates ඔබ විසින්ම install කරගත යුතු වෙනවා.

windows 10 සමග මේ ක්‍රියා පිළිවෙල ටිකක් වෙනස් මන්ද windows 10 මෙහෙයුම් පද්දතිය තුල auto-updates සක්‍රිය වී තිබුනොත් ඔබේ මෙහෙයුම් පද්දතියට අදාල updates පමණක් නොව අනෙකුත් සියලුම software වලට අදාළ updates පවා ඉබේම install වීම සිදුවෙනවා. windows සමාගමට අනුව නම් ඔවුන් මෙසේ සිදුකර තිබෙන්නේ windows 10 මෙහෙයුම් පද්දතිය භාවිත කරන සියලුම පරිගණකවල සියලුම software නිසි පරිදි update කොට තබාගැනීමේ අරමුණින්.

ඔබේ software නිතරම update කර තබා ගැනීම ඉතා වැදගත් කාරණයක් මන්ද මේ updates මගින් එම software වල තිබෙන ගැටළු වලට විසඳුම් ලබා දීමට එම software වල නිර්මාපකයන් උත්සහ කරන නිසා ඔබගේ software update කොට තබාගැනීම ඔබට ගැටළු රහිත software එකක් ලබාදෙනවා. එමෙන්ම මේ updates මගින් අලුත් features පවා එකතු වෙනවා.

නමුත් මේ windows 10 වල auto-update නිතරම සිදුවීම තරමක් ගැටළු සහගත කාරණයක්. ප්‍රධානම ගැටලුව වන්නේ beta updates සහ update එකේ පවතින ගැටළු. සාමාන්‍යයෙන් software එකක update එකක අවස්ථා දෙකක් පවතිනවා එනම් beta අවස්ථාව සහ සාමාන්‍ය අවස්ථාව යන දෙකයි. beta update එක යනු software update එක පුර්ණ නිමාවට එන්න ප්‍රථමව නිකුත් කරනු ලබන update එකක්. මේ update එකේ යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. software නිර්මාපකයන් මේවා නිකුත් කරන්නේ ඒවා install කරගත් පසු පාරිභෝගිකයන් ගෙන් ලැබෙන comments අනුව සම්පුර්ණ update එකක් ලබාදීමට පුළුවන් නිසා. මෙවන් beta updates වල යම් යම් ගැටළු තිබෙන්නට පුළුවන් ඒ නිසා ඔබ මෘදුකාංග තාක්ෂණය පිලිබඳ හොඳ දැනුමක් සහ උනන්දුවක් නොමැතිනම් මෙවැනි beta updates install කිරීමෙන් වැලකි සිටීම නුවනට හුරුයි.

windows 10 auto-update හරහා මෙවන් beta update එකක් පවවා ඔබගේ පරිගණකයට ඇතුල්වෙන්න පුළුවන් ඒ නිසා මේ auto-update වීම නවතා ගැනීම ඉතා සුදුසුයි. ඔබට යම් software එකක් update කරගන්න අවශ්‍ය නම් එය ඔබ විසින්ම කරගැනීම තුලින් කලින් සඳහන් කළා වගේ ගැටළු වලින් මිදෙන්නට පුළුවන්.  windows 10 auto-update වල පවතින අනෙකුත් ගැටලුව නම් මේ auto-update වීම නිසා ඔබගේ internet bill එක තරමක් ඉහල යන්නට පුළුවන් වීමයි මන්ද මේ updates සමහර අවස්ථාවල ලොකු ගිගාබයිට් ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

windows 10 auto update නැවත්වීමට නම් ප්‍රථමයෙන්ම මේ link එකට ගොස්  “Show or hide updates” troubleshooter package එක download කරගන්න. ඉන්පසු download කරගත් package එක run කරන්න එවිට ඔබට තෝරාගැනීම සඳහා option දෙකක් ලැබෙනු ඇති එතනින් Hide updates නමැති option එක තෝරන්න. ඊළඟට ඔබට පෙනෙන්නේ windows auto-update වලින් update වීමට නියමිත software වල ලැයිස්තුවක්. ඔබට auto-update වීම අනවශ්‍ය software වල නම ඉදිරියෙන් ඇති කොටුව මත click කර  next බොත්තම click කරන්න. දැන් ඔබ තෝරාගත් software auto-update වන්නේ නැහැ.

auto-update ඉවත් කල software එකක් නැවත auto-update කරගන්න අවශ්‍ය නම් troubleshooter package එක run කර එහි ඇති show hidden updates නමැති option එක තෝරාගෙන ඉදිරියට යෑම මගින් ඔබට අවශ්‍ය software එකක් සඳහා auto-update සක්‍රිය කරන්න පුළුවන්.

windows-10-auto-update

ඔබ මතක තබාගත යුතු කරුණක් නම් මේ විදියට නතර වන්නේ අනාගතයේදී ඒමට නියමිත updates පමණයි. දැනටමත් install වී පවතින update එකක් uninstall කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබේ පරිගණක තිරයේ පහල වම කෙලවරේ තිබෙන search bar එකේ view installed updates යනුවෙන් සටහන් කර enter කිරීමයි. එවිට ඔබට දැනට install වී පවතින updates list එකක් ලැබෙනු ඇති. එයින් ඔබට uninstall කිරීමට අවශ්‍ය update එක තෝරා uninstall බොත්තම click කරන්න

ඔබට windows 10 මෙහෙයුම් පද්දතිය භාවිත කිරීමේදී ඇතිවන ගැටළු comment එකක් ලෙස සටහන්කර යන්න මතක කරන්න එපා

1008 Total Views 2 Views Today

Comments

comments