leukemia-cancer_1024

ලියුකේමියාව යනු ඇසුණු සැනින් කෙනෙකුගේ සිත සලිත වන රෝගයක්. මෙය රුධිරයේ ඇතිවන පිළිකා තත්වයක්. විවිධ වර්ගයේ ලියුකේමියා තත්වයන් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින්  Acute myeloid leukaemia (AML) යනු දැනට වාර්තාවන බරපතලම වර්ගයේ ලියුකේමියා තත්වයක්. මෙම රෝගී තත්වය වැළඳී ඇති රෝගීන්ගෙන් අවුරුදු 5ක් දක්වා ජිවත්ව සිටීමට හැකියාව ලැබී තිබෙන්නේ 24% පමණ සුළු පිරිසකට පමණයි. ඒ අනුව මෙම රෝගී තත්වය කෙතරම් දරුණු එකක්දැයි ඔබට සිතා ගැනිමට පුළුවන්.

මෙම රෝගී තත්වයට සාර්ථක පිලියමක් ලබාදීමට හැකි නවතම මාවතක් සොයාගන්නට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි Walter and Eliza Hall ආයතනයේ පර්යේක්ෂකයන් සමත්ව තිබෙනවා. ඔවුන් විසින් කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් මෙමෙ AML පිළිකා සෛල වල වර්ධනයට සෘජුවම බලපාන ප්‍රෝටිනයක් සොයාගෙන තිබෙනවා. ඔවුන් මේ ප්‍රෝටීනය නම්කොට තිබෙන්නේ Hhex protein ලෙසයි. රසායනාගාර තත්ව යටතේදී මෙමෙ ප්‍රෝටීන වර්ගයේ සැපයුම අඩාල කිරීම මගින් AML පිළිකා සෛල වල වර්ධනය නවතා දැමීමට මෙම පර්ක්ෂකයන්ට හැකියාව ලැබී තිබෙනවා. දැන් ඔවුන්  මෙම ප්‍රතිකර්මය මිනිස් සිරුරට කෙසේ බලපානු ඇත්දැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වනවා

AML පිළිකා තත්වයට දැනට පවතින ප්‍රතිකාර ක්‍රියාත්මක වන්නේ සෘජුවම පිළිකා සෛල අරමුණු කරගෙන නොවෙයි. මේ නිසා මෙමෙ ප්‍රතිකර්ම වලදී නිරෝගී රුධිර සෛල බොහෝ ප්‍රමාණයක්ද විනාශ වෙනවා. මෙම නිසා මෙමෙ ප්‍රතිකාර නිසා මිනිස් සිරුරට සිදුවන හානිය තරමක් වැඩයි. නමුත් මෙමෙ නවතම සොයාගැනීමට අනුව මෙමෙ Hhex protein වර්ගය අවශ්‍ය වන්නේ පිළිකා සෛල වල වර්ධනයට පමණයි. සාමාන්‍ය නිරෝගී සෛල වල වර්ධනයට මෙම ප්‍රෝටීන වර්ගය අවශ්‍ය වන්නේ නැති බව පරීක්ෂකයන් සොයාගෙන තිබෙනවා. එම නිසා මේ මගින් කෙරෙන ප්‍රතිකාර වලට සෘජුවම පිළිකා සෛල පමණක් අරමුණු කරගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාවක් පවතිනවා. මෙමගින් පිළිකා නාශක ප්‍රතිකාර මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම අවම කරගත හැකි වනු ඇති.

අපගේ ශරීරයේ පිළිකා සෛල වලට ප්‍රතිවිරෝදී ක්‍රියාමාර්ගයක් ස්වභාවයෙන්ම පවතිනවා. මෙහිදී සිදුවන්නේ කිසියම් සෛලයක් සාමාන්‍ය රටාවෙන් වෙනස්ව වර්ධනය වීම ආරම්භ වුවහොත් එම සෛලයේ වර්ධනය අඩාල කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම අප තුල පවතිනවා. නමුත් මේ අලුතින් සොයාගෙන තිබෙන Hhex protein වර්ගය විසින් එම ක්‍රියාවලිය අඩාල කරමින් පිළිකා සෛල වලට වර්ධනය වීමට ඉඩ ලබාදෙන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා

Hhex protein සාමාන්‍ය රුධිර සෛල වලට ප්‍රයෝජනවත් වන ප්‍රමාණය ඉතා අඩු අගයක පවතින බව පර්යේක්ෂකයන් පවසා සිටිනවා. එම නිසා AML පිළිකා සෛල සෘජුවම අරමුණු කරගත් ප්‍රතිකාරයක් මේ මගින් නිර්මාණය කල හැකි වනු ඇති බව පර්යේක්ෂකයන් ගේ අදහසයි.

947 Total Views 1 Views Today

Comments

comments