tank-bridge

අපේ රටේ පාලමක් දානවා කිව්වොත් ඉතින් අව්රුද්දක් එකහමාරක් යන වැඩක් නේ. නමුත් යුධ වාතාවරණයක පාලමක් කියන්නේ උපක්‍රමශීලි ස්ථානයක්. එවැනි වට පිටාවක බොහෝවිට පාලම් පුපුරව හරිම සිදුකෙරෙනවා. නමුත් අපි අද කියන්නේ ඒ වගේ අවස්ථාවකට උනත් මුහුණ දෙන්න පුළුවන් ඇමෙරිකානු හමුදාව සතු පාලමක් පිළිබඳවයි.

M60 නමැති මේ යුධ ටැංකියමත තමයි මේ පාලම සවිකරලා තියෙන්නේ scissor- type bridge ලෙස හදුන්වන මේ පාලම කොටස් දෙකකට දිගහැරෙන අතර එහි ඇති විශේෂත්වය නම් පාලම මීටර් 19ක් නැතිනම් අඩි 60ක් දිගින් යුක්ත වීමයි. ඒ වගේම කියන්න ඕනේ මේක ටිකක් පරණ තාක්ෂණයක්. 1987දි හදුන්ව දුන් මේ තාක්ෂනය දැන් මේ අඩි 60ක් දිග පාලම මිනිත්තු 2ක් ඇතුලත සවිකරන්න තරම් දියුණු වෙලා තිබෙනවා. මේ පාලම බරින් ටොන් 13ක් නමුත් මේ පාලම මතින් ටොන් 60ක් බරැති ඕනෑම වහනයක් ධාවනය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම මෙය මුළුමනින්ම වගේ ඇලුමිනියම් වලින් සදානිමකර තිබීමත් විශේෂත්වයක්.

මෙය සවිකර ඇති යුධ ටැංකිය ගැන කතා කරොත් එය මිලිමීටර 12.7ක මැෂින් තුවක්කු වලින් සන්නද්ධව පවතිනවා. ඒවගේම turbo charge අශ්වබල 750ක එන්ජිමකින් යුතු මේ විශේෂිත යුධ ටැංකියට මේ විශාල පාලමද රැගෙන පැයට කිලෝමීටර  48ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. තවද මේ පාලම සමග මෙහි සම්පුර්ණ බර ටොන් 51.3ක්.  දැනට මේ විශේෂිත යුධ ටැංකිය යුධ කටයයුතු වලට අමතරව ගංවතුර, භුමි කම්පා වැනි හදිසි අපදා තත්ත්ව වලදීත් සහන සේවා කටයුතු සඳහා යොදාගන්නවා. මෙහි සම්පුර්ණ වීඩියෝවක් ඔබට පහතින් නැරඹීමට පුළුවන්.

තාක්ෂනය ගැන ලියවෙන අපේ වෙබ් අඩවියහා එක් වූ ඔබට බෙහෙවිම ස්තිතියි,
Like Us : www.facebook.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

688 Total Views 1 Views Today

Comments

comments