tay-01

පසුගිය 23 වනදා Microsoft ආයතනය ලොව පුදුම කරවන එළිදැක්වීමක් සිදුකලා ඒ වෙන කිසිවක් නොවෙයි තමන් වෙතට ලැබෙන twitter පණිවිඩ මගින් self learn කිරීම තුලින් එම පණිවිඩ වලට පිළිතුරු දිය හැකි කෘතීම බුද්ධිමය පරිගණක වැඩසටහනක්. කෙටියෙන්ම කියනවා නම් AI tweet bot කෙනෙක්. එය හඳුන්වා දී තිබුනේ Tay නමින්. නමුත් මේ AI එක එලි දැක්වීමෙන් පැය කිහිපයකට පසු ඉතා ජාතිවාදී ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගැනීම නිසා Microsoft සමාගමට එම වැඩසටහන නවතා දැමීමට සිදුවුනා.

සාමාන්‍යයෙන් tweet bot එකක් යනු twitter සමාජ  ජලය තුල හුවමාරු වන පණිවිඩ (tweets) ස්වයන්ක්‍රියව නැවත පළකිරීම (retweet) කිරීම වැනි ක්‍රියාවලියක නිරත වෙන පරිගණක වැඩසටහනක්. Microsoft ආයතනයේ Microsoft’s Technology and Research team, එක මගින් නිපදවූ මේ tweet bot එකෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ ඔබ විසින් එය වෙත යොමු කරනු ලබන පණිවිඩ මගින් එය තනිවම ඉගෙන ගැනීම මගින් නව පණිවිඩ නිර්මාණය කිරීම සහ එය වෙත ලැබුන පණිවිඩ වලට සාමාන්‍ය මිනිසෙකුගෙන් ලැබෙන ආකාරයේ ප්‍රතිචාර දැක්වීමයි. එය හරියට කුඩා දරුවෙක් අලුතින් යමක් ඉගෙන ගන්නවාට බොහෝ සමානයි. එකම වෙනස නම් මිනිසෙකුට වඩා ඉතා වේගයෙන් ඉගෙන ගැනීමේ හැකියවක් මෙවන් කෘතීම බුද්ධියකට තිබීමයි.

කෙසේ වෙතත් අන්තර්ජාලයේ සැරිසරන්නන් මේ AI එකට වැරදි ආකාරයේ පණිවිඩ බොහෝ ප්‍රමාණයක් එවීම ආරම්භ වීම නිසා එය තරමක් ගැටළු සහගත twitter පණිවිඩ නිකුත් කරීමට පෙළඹී තිබෙනවා. එය මෑත කාලයේදී බොහෝ මතවාද වලට තුඩු දී තිබෙන ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වන Donald trump වෙත සහය පලකිරීමට සහ හිට්ලර් කිසිදු වරදක් සිදු කලේ නැතැයි යනුවෙන් අන්දොලනත්ක්ම twitter පණිවිඩ නිකුත් කරනු ලැබුවා.

පහත දැක්වෙන්නේ මෙම tweet bot එක විසින් ප්‍රථමයෙන්ම නිකුත් කරන ලැබූ පණිවිඩයයි

tay-02

පහත දැක්වෙන්නේ මෙම tweet bot එක විසින් නිකුත් කරනලද ආන්දෝලනාත්මක twitter පණිවිඩ කිහිපයකුයි.

tay-04

tay-03

tay-01

බොහෝ දෙනෙක් මෙය සිනහවට කාරණයක් ලෙස සැලකීමට පුළුවන් නමුත් මෙය එක්තරා ආකාරයක අනතුරු ඇඟවීමක් අපවෙත එල්ල කරනවා. එනම් මෙවන් කෘතීම බුද්ධිමය වැඩසටහන් කෙතරම් පහසුවෙන් නොමග යැවීමට හැකිද යන්නයි. කෙසේ වෙතත් මෙම twitter bot එක තවමත් ක්‍රියාත්මකයි නමුත් එය මගින් කිසිදු පණිවිඩයක් හෝ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් එය Microsoft ආයතනය ඔවුන්ගේ අරුම පුදුම නිපැයුම තාවකාලිකව නිහඩ කොට තිබෙනවා. නමුත් එහි ඉගෙනුම් ක්‍රියාවලිය තවමත් සක්‍රියව පවතිනවා.

පහත දැක්වෙන්නේ එය නිකුත් කරන ලද අවසාන twitter පණිවිඩයයි.

tay-06

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

671 Total Views 1 Views Today

Comments

comments