page tesla

Elon Musk ගැන අපි මිට කලින් කතා කරලා තියනවා ඔබට මතක ඇති, eBay නිර්මාණය කිරීමේන් පසුව space x, ටෙස්ලා හා  hyper loop වැනි සමාගම් පිහිටුවමින් වර්තමාන ලෝකයේ තාක්ෂණික විප්ලවයක් සිදුකරමින් සිටින පුද්ගලයක් තමයි ඔහු. ඔහුගේ Tesla සමාගමේ නවතම මෝටර් රථය පසුගිය දිනෙක වෙළඳ පොලට හදුන්වාදුන් අතර 2017දි වෙළඳපොළට එක්කිරීමට නියමිත මෙම මෝටර් රථය මිලදීගැනීම සඳහා පෙර ඇනවුම් කිරීමද ආරම්භකරා.dsc_00051

Tesla සමාගමේ සාර්ථක විදුලි මෝටර්රථ වූ model s හා model x වලින් පසුව වෙළඳපොලට හදුන්වාදුන් මෙම නවතම මෝටර් රථයවූ model 3 මෝටර් රථය සාමාන්‍ය මිලකින් යුතු sedan වර්ගයේ මෝටර් රථයක් වුණා. සාමාන්යෙන් අලුත් apple දුරකතනයක් x-box එකක් නිකුත් කිරීම ආසන්න වෙද්දී මිනිසුන් අදාල සාප්පු ඉදිරිපිට මුලින්ම ඒදේ මිලදීගන්න පෝලිම් ගැසී සිටීම සාමාන්‍ය දෙයක්. එසේ වන්නේ ඔව්න් ඒ product එක ගැන කලින් දන්නා නිසා. නමුත් model 3 මෝටර් රථය කොයිවගේද කියල දකින්නත් කලින් පෙර ඇනවුම් කිරීමට මිනිසුන් පොලිම්ගැසී සිටිය. ඔව්න් එතරම් ටෙස්ලා සමාගම ගැන විශ්වාසය තබා තිබෙනවා. මෙහිදී 115,000 දෙනා මෝටර් රථය දැක ගැනීමටත් පෙර order ඒකරා තිබු අතර මොටර් රථය හදුන්ව දෙන අතරතුරදී එය 150,000 දක්වා වැඩිවී තිබුනා.

model-3-unveil

Tesla model 3 මෝටර් රථය ගැන සඳහන් කරනවානම් එය මිට පෙර නිපදවූ ටෙස්ලා මොටර් රථයන් මෙන්න පුර්ණ විදුලි මෝටර් රථයක් වන අතර එක් charge එකකින් සැතපුම් 215ක්  නැතිනම් කිලෝමීටර 346ක් ගමන් කිරීමට පුළුවන් අතර තත්පර 6කට අඩු කාලයකදී 0 සිට 100 දක්වා ත්වරණය කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. පහසුවෙන් වැඩිහිටියන් 5 දෙනෙකුට ගමන් කල හැකිමෙහි එන්ජිමක් නොමැති නිසා ඉදිරිපස හා පසුපස දෙකේම බඩු භාණ්ඩ රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙම මෝටර් රථයේ වහල සම්පුර්ණයෙන්ම වීදුරුවලින් නිමවා තිබෙන අතරම තරු 5 කාණ්ඩයේ safety certificate එකකින්ද සමන්විතය. ඒ වගේම මෙය මිලකර තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 35,000කටයි

tesla-model-3-interior

දැනට ලංකාවේ nissan leaf රථ බොහොමයක් තිබෙනවා වගේ  අනාගතයේදී model 3 මෝටර් රථ ද ලංකාවට පැමිණේවි. මොකද දැනටත් ටෙස්ලා model s මෝටර් රථ කිහිපයක්ම ලංකාවේ තිබෙනවා ඒ රුපියල මිලියන 18ක් වැනි මුදලකටයි. නමුත් model 3 මෝටර් රථය ඊටවඩා අඩු මුදලකට ලබන්න පුළුවන් වේවි කියල අපි හිතමු. ඒ වගේම ලෝකයේ බොහොමයක් දියුණු රටවල් වල සිදුවනවා වගේ බදු සහන hybrid රථ වලට හා විදුලි මෝටර් රථ වලට ලබාදීමට බලධාරීන්ට නුවණ ලැබේවායි ප්‍රර්ථනා කරමු.

Tesla model x ගැන ලියවුනු ලිපියක් පහතින්

http://techpedia.lk/2015/10/10/tesla-model-x/

අපෙගේ web අඩවිය පිලිබඳව ඔබගේ අදහස් අපට එවන්න. අප හා සම්බන්ධ වන්න
Like Us: www.fb.com/techpedia.lk
Visit Us: www.techpedia.lk

898 Total Views 2 Views Today

Comments

comments