models-powerwall

Tesla Powerwall පිළිබඳව අප ඔබට මිට පෙර ඔබව ලිපියකින් දැනුවත් කර මතක ඇති. අද අප මේ සටහන ගෙන එන්නේ 2016 වසරේ අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන Tesla Powerwall 2016 මාදිලිය ගැනයි. අප මුලින්ම Tesla සමාගමේ නිර්මාතෘ වන Elon Musk ගැන පොඩි සටහනක් තබන්න බලාපොරොත්තු වනවා. මොකද ඔහු දැනට ලෝකයේ නව තාක්ෂණික පෙරලියක් ඇතිකිරීමට ඉතා විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙක් නිසා. ඔහු තමයි මුලින්ම අන්තර්ජාලය හරහා සැමට ආරක්ෂාකාරීව ගනුදෙනු කරීම සඳහා Pay Pal සමාගම ආරම්භ කරන්නේ ඉන්පසුව වසර 2002දි eBay මගින් Pay Pal මිලදී ගන්නේ ඩොලර් බිලියන 1.5කටයි. එහිදී ඔහුට ඩොලර් මිලියන 165ක් ලැබෙන්න අතර ඉන්පසුව ඔහු ලොව අභ්‍යවකාශ තාක්ෂනය උඩුයටිකුරු කර space X සමාගම නිර්මාණය කරනවා , ඉන් නොනැවතුණු ඔහු Tesla සමාගමද ආරම්භ කරන අතර ඉතා සාර්ථක විදුලි මෝටර් රථ වන Tesla model S, model X වැනි මෝටර් රථ හදුන්ව දුන්නා. ඒ වගේම tesla powerwall ද ඔව්න්ගේ සංකල්පයක්. ඊට අමතරව ඔහු hyperloop නමින් නවතම අධිවේගී ප්‍රවාහන තාක්ෂණයක් පිළිබඳවත් පර්යේෂණ වල නිරතවනවා. ඔහුගේ මේ එක් එක් සමාගම් පිළිබඳව පසුව වෙන වෙනම අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා ඒ නිසා දැනට එපමණයි.

elon-musk

ලෝකයේ මිට දශයකට පමණ පෙර බොරතෙල් මිල දැරීමට නොහැකි වනලෙස ඉහල ගියා සමහර විට ඔබට මතක ඇති. ඒ කාලයේ ලොව තාක්ෂනය ඉතාමත් සීග්‍රයෙන් පුනර්ජනනීය බලශක්තිය දෙසට අදිගියා. එහිදී ඉදිරිපත්වූ එක් සංකල්පයක් තමයි living off the grid කියන්නේ. එනම් පුනර්ජනනිය බලශක්තිය යොදාගනිමින් ප්‍රධාන විදුලි ජල සැපයුම් වලින් මිදී ජිවත් වීම යන්නයි. එය එක්තරා විදිහකට අමුතු අදහසක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන් නමුත් එය කල හැකි බව දැන් ඔප්පුවී හමාරයි. දැනට අප රටේ බොහෝ නිවාස සුර්ජකෝෂ මගින් දිව කාලයේ බලගැන්වෙන බව ඔබ දන්නවා එහිදී සිදුවන්නේ දිවාකාලයේ දී අතිරික්ත විදුලිය grid එකට නැතිනම් ප්‍රධාන විදුලි සැපයුමට විදුලිය සපයා රාත්‍රී කාලයට grid එකෙන් විදුලිය නැවත ලබාගැනීමයි. නමුත් Tesla Powerwall  battery පද්ධතිය හරහා ඔබට අතිරික්ත විදුලිය ගබඩා කරගන්න පුළුවන්.  දැනට මේ සඳහා ඔව්න් Panasonic බැටරි යොදාගන්න අතර Tesla gigafactory එක ආරම්භයෙන් පසුව ඔව්න්ගේම බැටරියක් නිපදවීමට බලාපොරොත්තු වනවා. 7 kWh බැටරියක් $3000ක් හා 10 kWh බැටරියක් $3500ක මිලක් නියම කර තිබෙනවා. මෙම බැටරි කිහිපයක් සම්බන්ධ කොට අවශ්‍ය ශක්තිය ගබඩාකර ගැනීමට පුළුවන්. ඒ අනුව අනාගතයේදී  living off the grid කියන සංකල්පය යථාර්තයක් බවත පත්වේවි.

SolarEdge-Tesla-Powerwall

නමුත් මෙවැනි පරිසර හිතකාමී බලශක්තීන් සඳහා යොමුවීම හැකිතාක් මැඩලීමට බොරතෙල් කර්මාන්තයේ යෙදෙන සමාගම් උත්සහ ගන්න බව ප්‍රසිද්ධ රහසක්. උදාහරණලෙස තවමත් කෙතරම් පාරිසරික දුෂණයක් සිදුවුවත් මෝටර් රථ සඳහා අප පොසිල ඉන්ධනම යොදාගන්නේ එහි කිසිදු මෝටර් රථයට වෙන කිසිම බලශක්තියක් එක් කිරීමට ඔව්න් කිසිම අවස්ථාවක ඉඩ නොදෙන නිසයි. එය ලොවට රහසේ ඔව්න් සිදුකරනවා. මිට අමතරව මෑතකදී ලොව තාක්ෂණික යෝධයින් වන Bill Gates, හා  Mark Zuckerberg ඩොලර් මිලියන ගණනක අරමුදලක්ද පිහිටවූවා. ඒ පරිසර හිතකාමී තාක්ෂණික පර්යේෂණ දිරිගැන්විමටයි. ඒ කෙසේ වෙතත් මෙම සිතල යුද්ධය තව බොහෝකල් පවතිනු ඇතිබව නොඅනුමානයි.

1264 Total Views 1 Views Today

Comments

comments