air-umbrella3

කුඩය අපට එක එක වෙලාවට ඕනේ වෙනවනේ. එක ඉතින් බාවිතාකරන කෙනාගේ හැටියට තමයි. අව්වට, වැස්සට වගේම හැංගිලා ඉන්නත් කුඩය යොදාගන්නව. ඊට අමතරව හදිසියකට ආයුධයක් විදිහටත් යොදාගත් අවස්ථාවන් ගැන අහල ඇතිනේ. අද අපි මේ ලිපිය ගෙන එන්න සුදානම් වන්නේ රෙද්දක් නැති කුඩයක් පිළිබඳවයි. හැබැයි මේ කුඩය යොදාගන්න පුළුවන් වෙන්නේ වැස්සෙන් බේරෙන්න නම් විතරයි.

air_umbrella

කුඩේ වැස්සකට තෙමුනම එක ටිකක් කරදර කාරී. මොකද තෙමුන කුඩයෙන් වතුර බේරීම නිසා. ඊට අමතරව තෙමුන කුඩයක් එක්ක බස් එකක වගේ යන්න උනොත් කිහිපදෙනෙක්ම ඔරවල බලන එක අනිවාර්ය දෙයක්. නමුත් මේ කුඩය ඔබව වැස්සෙන් ආරක්ෂාකරනවා, නමුත් මේක තෙමෙන්නේ නම් නැ මොකද මේකේ කුඩ රෙද්දක් නොමැති නිසා. මේ කුඩය සමන්විත වෙන්නේ ලිතියම් අයන් බැටරියක් මෝටරයක් හා කුඩා පංකාවකින්. වැටෙන වතුර බින්දු මෙම පංකාවේ වේගවත් සුලන් පහරින් ඉවත්කරවිමයි. ඒ අනුව මෙම පංකාව යට කුඩයක මෙන් වතුරෙන් නොතෙමි ඉන්න හැකියාව ලැබෙනවා.

ඔව්න් මෙය ප්‍රධාන වශයෙන් ප්‍රමාණ තුනකින් නිපදවිමට බලාපොරොත්තු වනවා. 30 cm දිගින් හා 500 g බරින්  මිනිත්තු 15ක බැටරි ආයුකාලයක් සහිතව, 50 cm දිගින් හා 800 g බරින්  මිනිත්තු 30ක බැටරි ආයුකාලයක් සහිතව හා වඩා වැඩි වපසරියක් වැස්සෙන් ආරක්ෂාකරමින් 80 cm දිගින් හා 850 g බරින්  මිනිත්තු 30ක බැටරි ආයුකාලයක් සහිතවයි. මෙය සාමාන්‍ය තද වැස්සකින් ඔබව ආරක්ෂාකිරීමට සමත් වනවා. නමුත් කුඩය වේලනවා වගේ මේ කුඩය charge කරන්න නම් වේවී

1035 Total Views 1 Views Today

Comments

comments