universal-vaccine-cure-all-cancers

පිළිකා (cancer) යනු වසරකට බොහෝ ජිවිත ප්‍රමාණයක් අහිමි කරවන රෝගී තත්වයක්. ලෝකයේ විවිධ වර්ගයේ පිළිකා පවතිනවා. ඒවා එකිනෙකට විවිධ ආකාරයේ ප්‍රතිකාර සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව තිබුනත් ඒවායේ අතුරු ප්‍රතිපල ඉතාමත් ඉහලයි. එමෙන්ම සියලුම පිළිකා මැඩලීම සඳහා යොදාගත හැකි එක්  බෙහෙතක් සොයාගැනීමට බොහෝ පර්යේෂකයන් උත්සහ දරනවා,. කෙනෙකුට මෙය කිසිදාක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙස පෙනුනත් මේ අසීරු ඉලක්කයට තරමක් හෝ සමීප වීමට ජර්මානු පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Johannes Gutenberg විශ්ව විද්යාලයේ  පරීක්ෂකයන් පිරිසක් විසින් මේ පරීක්ෂණය සිදුකොට තිබෙනවා. මෙහිදී ඔවුන් සොයාගනු ලැබූ ඖශධය උපයෝගී කරගෙන මියන් ගේ සිරුරේ වැළඳී තිබු පිළිකා කාරක සෛල විනාශ කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මියන් පමණක් නොව පිළිකාවන් වැළඳී තිබු රෝගීන් තිදෙනෙකුටත් ඔවුන් මෙම ඖශධය ඉතා අඩු මාත්‍රාවකින් ලබා දී තිබෙනවා. එහිදී සියලුම රෝගීන් හොඳින් මෙම නව ඖශධයට මුහුණ දී තිබෙනවා. අතුරැ ප්‍රතිපල ලෙස උණ ගතිය ඇතිවීම වැනි තත්වයන් වාර්තා වී තිබුනත් එය සාමාන්‍ය පිළිකා නාශක ප්‍රතිකාරයක් මගින් ඇතිකරවන අතුරු ප්‍රතිපල සමග සසඳන කල මෙය ඉතා සුළු තත්වයක් වනවා.

මෙම පරීක්ෂණයේදී රෝගීනට ලබාදුන් මාත්‍රාව ඉතා කුඩා එකක් වුවත් එය සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදු කිරමට සමත්වූ බව පර්යේෂකයන් පවසා සිටිනවා. ඔවුන්ගේ පර්යේෂණයට අදාල දත්ත මෙම journal එක මගින් ඔවුන් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙය නිසි ආකාරයෙන් සම්මත වූ ඖශධයක් ලෙස නිකුත් වීමට පෙර තවත් බොහෝ පරීක්ෂණ සිදුකල යුතු බව ඔවුන් පවසනවා. නමුත් මෙය බොහෝ පිළිකා රෝගීනට බලාපොරොත්තු ජනිත කරවන ආරංචියක් වනවා නොඅනුමානයි.

682 Total Views 1 Views Today

Comments

comments