Suzuki-Wagon-R-Stingray-front-angle-2 (1)

Suzuki සමාගම විසින් පසුගිය වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්.  Wagon R FZ මෝටර් රථය හා Wagon R Stingray යනුවෙන් hybrid රථ දෙකක් හදුන්වාදුන් අතර එම රථයන් දෙකම දැන් වෙළදපොලේ රුපියල් මිලියන 2.5 ත් 3 අතර මිලකට ලබාගන්න පුළුවන්. අද මෙම ලිපියෙන් අප කතා කිරීමට සුදානම් වන්නේ එම මෝටර් රථ වල භාවිතා වන hybrid තාක්ෂනය පිළිබඳවයි.

මොකක්ද hybrid කියල කියන්නේ? අපි ඒගැන මුලින් කෙටි පැහැදිලි කිරීමක් කරගමු. hybrid කියන්නේ සිංහලෙන් නම් දෙමුහුන් යන අර්ථයයි ඒ කියන්නේ යම්කිසි දේවල් දෙකක් එකතුවීමෙන් සිදුවන දෙයක්. ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නා Prius, Insight, Fit, හා  Outlander වැනි මෝටර් රථ ධාවනය  විදුලි  මෝටරයක් මගින් හා එන්ජිමක් මගින් සිදුකරනවා. එහිදී දැන් පවතින තාක්ෂනය අනුව total electric ලෙසද මෙම රථ ධාවනය කිරීමට පුළුවන්. ඒ සඳහා මෙම මෝටර් රථයන් වල වෙනම ඒසඳහා වෙන්වූ විදුලි මෝටරයක් පවතිනවා. ඒ starter මෝටරය හා alternator එකට අමතරවයි.

12

දැන් අපි බලමු Wagon R hybrid මෝටර් රථය ඇත්තටම hybrid මෝටර් රථයක්ද කියලා.  මුලින්ම සඳහන් කලයුතු දෙයක් තමයි මෙම Wagon R FZ මෝටර් රථය හා Wagon R Stingray මෝටර් රථයන් දෙකම අඩු එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර් රථ බව. සාමාන්‍යයෙන් Prius රථයක එන්ජින් ධාරිතාවය 1800cc වන අතර මෙම මෝටර් රථවල එන්ජින් ධාරිතාවය  660cc ප්‍රමාණයේ පවතිනවා. තවත් දෙයක්නම් මෙම මොරට රථයන් දෙකේම electric මෝටර් එකක් නෑ. ඒ වෙනුවට පවතින්නේ ISG (Integrated Starter Generator)නම් උපාංගයක් එය ඔව්න් හදුන්වන්නේ  “a generator with a motor function” ලෙසයි. එය මෝටර් රථයේ alternator එක වෙනුවට ආදේශ කර තිබෙනවා එනම් එය alternator එකේ කාර්යට අමතරව මෝටරයක කාර්යද ඉටුකරනු ලබනවා.

මෙම රථයන් පණගැන්වීමේදී සාමාන්‍ය මෝටර් රථයක් මෙන් starter මොටරයෙන් පණගැන්වෙන අතර ධාවනයේදී සිදුවන මන්දනයන් (deceleration) වලදී අපතේ යන  ශක්තිය ISG උපාංගය මඟින් විද්‍යුත් ශක්තිය බවට පත්කර Lithium-Iron බැටරියක් තුල හා  සාමාන්‍ය led acid බැටරියක්ද ආරෝපණය කරගන්නවා. මේම විදුලිය මෝටර් රථයේ විදුලි අවශ්‍යතාවන් සඳහා යොදාගන්න අතර එන්ජිමට අමතර බලයක් අවශ්‍ය වන ත්වරණයකදී (acceleration)  එකකදී IGS එක මගින් එන්ජිමට කිරීමට සිදුවන කාර්යද අඩුකරනු ලබනවා. මිට අමතරව තිරිංග දීම මගින් රථය නැවත්විමේදී, Idling stop එකකදී  වේගය 13km/h හෝ ඊට අඩුවූ විට එන්ජිම නතර වන අතර නැවත ගමන ආරම්භ කිරීමට තිරිංග ලිහිල් කිරීමත් සමග ඉතාමත් සුමට ලෙස එන්ජිම පනගැන්වීමද මෙම ISG උපාංගය මගින් සිදුකරනු ලබනවා. මෙම තාක්ෂනය  eNe-CHARGE ලෙස සුසුකි සමාගම නම්කර ඇති අතර මෙය ඇත්තටම hybrid තාක්ෂණයට සමාන වුවද මෙය energy harvesting method එකක් ලෙස හැදින්වීම වඩාත් නිවැරදියි.

තවද මෙහි පවතින Lithium-Iron බැටරිය මගින් වායුසමීකරණය පද්ධතිය ක්‍රියාත්මක වීමක් සිදු කෙරෙන්නේ නැ. Idling stop එකකදී එන්ජිම නතරවුවිට fan එක පමණක් ක්‍රියත්ම වන අතර eco-cool නම් ක්‍රමවේදයක් මගින් ඔව්න් සිසිල් වාතය එන්ජිම නතරවුවිට ලබාදෙනවා. මෙම eco cool තාක්ෂනය මගින් සිදුවන්නේ වායුසමන පද්ධතිය ක්‍රියාකරන විත එහි ඇති freezable substance (ද්‍රවයකි ) එකක් freeze කිරීමයි. ඉන්පසු මෙලෙස freeze වී ඇති ද්‍රව්‍ය හරහා එන්ජිම නැවත්වුවිට වාතය ගලායාමට සැලැස්වීම මගින් සිසිල් වාතය ලබාදෙනවා. 660 cc ප්‍රමාණයේ කුඩා එන්ජිමක් සමග eNe-CHARGE හා eco-cool වැනි තාක්ෂනයන් මගින් තම කාර්යක්ෂමතාවය ඉතා ඉහල මට්ටමක තබාගෙන ඇති මෙම රථය ලීටරයකින් කිලෝමීටර 32.4ක දුරක් ගමන්කිරීමට සමත්වනවා.

123 1234

12345 123456 1234567

6375 Total Views 1 Views Today

Comments

comments