dehydrated

ජලය යනු සියලුම ජිවින්ට අත්‍යවශ්‍ය සාදකයක්. ජලය නොමැතිව අපට ජීවත්වීමට හැකියාවක් නැහැ. අපගේ සිරුරේ බරෙන් 50% – 70%  අතර ප්‍රමාණයකට හේතු වන්නේද අපගේ සිරුරේ අඩංගු වන ජලයයි. බොහෝ ඉන්ද්‍රියන්ගේ නිවැරදි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යයි. ජලය නොමැතිව බොහෝ වෙලාවක් සිටියහොත් ඔබ විජලන තත්වයට පත්වීමට පුළුවන්. මෙය අධික ලෙස ව්‍යායාම වල දීම හෝ ඉතා උණුසුම් පරිසරයක බොහෝ වෙලා ගතකිරීම නිසා හෝ වන යම් රෝගී තත්වයක් නිසා සිදුවීමට පුළුවන්.

විජලන තත්වය ආරම්භයේදී ඔබට ඉතා දැඩි පිපාසයක් සහ දැඩි තෙහෙට්ටුවක් දන්නේන්නට පටන්ගන්නවා. බොහෝ විට මේ තත්වයේදී අපි සාමාන්‍යයෙන් ජලය හෝ වෙනයම් පානයක් භාවිත කිරීමෙන් මෙමෙ තත්වය මගහරවා ගැනිමට කටයුතු කරනවා. නමුත් විජලන තත්වය දිගින් දිගටම පැවතියහොත් ඔබට මෘදු හිසරිදීමකින් ආරම්භවී ඉක්මනින් කේන්ති යන සවභාවයකට පැමිණෙනවා. මේ තත්වය දිගටම පැවතියහොත් එය ඔබේ ශාරීරික සහ මානසික ක්‍රියාවලින් එකින් එක බිඳ දැමීමට පවා හේතු විය හැකියි

සාමාන්‍යයෙන් අප සිරුරෙන් දිගටම ජලය පිට වෙනවා. දහදිය, ප්‍රස්වාස වාතය, මුත්‍රා සහ තවත් බොහෝ ක්‍රියාවලින් වලින් අපගේ සිරුරෙන් දිගින් දිගටම ජලය පිටතට යනවා. මේ පිටව යන ජලයට සමාන ප්‍රමාණයක් ශරීරය තුලට ලබාගැනීම මගින් ශරීරයේ ජලය නියමිත මට්ටමට පවතවා ගන්නට පුළුවන්. එසේ නොහැකි වන අවස්ථාවකදී ඔබ විජලන තත්වයකට පත්වීමට පුළුවන්.

ඔබ විජලනය වුනොත් මොකද වෙන්නේ.

ඔබට අධික පිපාසයක් දැනෙන මොහොත වන විටදීම ඔබගේ සිරුර එක්තරා මට්ටමකට විජලයන වී අවසන් පරීක්ෂණ වාර්තාවන්ට අනුව 1% පමණ වූ සුළු විජලන තත්වයකින් පවා ඔබගේ සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකියි. ඔබගේ සිරුර විජලනය වීමත් සමග මොලයේ තරල වල අඩුවීමක් පර්යේක්ෂකයන් නිරීක්ෂණය කොට තිබෙනවා. ඒ අනුව විජලනය ඔබගේ මොලයේ ප්‍රමාණයට මෙන්ම එහි ක්‍රියාකරිතවයටද ඍජුවම බලපානු ඇති.

ඔබගේ සිරුරේ ජලය ක්‍රමක්‍රමයෙන් අඩුවී යන විට ඔබගේ රුධිරයේ අඩංගු ජලයද අඩු වෙනවා. එවිට ඔබගේ රුධිරය සාමාන්‍ය මට්ටමට වඩා උකු ගතියකින් වැඩි වෙනවා. ඔබගේ වකුගඩු සිරුර තුල ජලය රඳවා ගැනිමට උපරිම උත්සහයක් දරනු ඇති මෙහි ප්‍රතිපලයක් ලෙස ඔබට පිටවන මුත්‍රා ප්‍රමාණය සාපේක්ෂව පහල යනු ඇති.

රුධිරයේ උකු ගතිය වැඩිවන විට රුධිර සංසරණය නිසියාකාරව පවත්වා ගැනිමට ඔබගේ හදවතට වැඩිපුර වේගයෙන් ක්‍රියාකිරීමට සිදු වෙනවා. මෙය ඔබගේ සිරුරේ රුධිර පීඩනය ඉහල යාමට හේතුවෙනවා. ඔබ දැනටමත් හර්ද රෝගයකින් පෙලෙනේන්ක් නම් මෙවන් අවස්ථාවක ඇති දරුණු බව ඔබට හොඳින් වැටහෙනවා ඇති.

විජලනය නිසා සිරුරේ උෂ්ණත්වය යාමනය කිරීම බිඳවැටී ඔබ Hyperthermia තත්වයට ද පත්වීමට පුළුවන්. ඔබේ මොලයට මේ සියල්ල ඉතා හොඳින් දැනෙනවා මේ ක්‍රියාවලීන් දිගටම සිදුවිගන යනවානම් මොලය විසින් ඔබට අධික පිපාසයක හැඟීමක් ලබාදෙනු ඇති.

මීළඟට ඔබට අධික පිපාසයක් දැනෙන මොහොතේදී ඉහත සංසිද්ධීන් සියල්ලම සහ තවත් නොයෙකුත් ක්‍රියා වලින් ඔබගේ ශරීරයට දැඩි හානියක් සිදුවෙමින් තිබෙන බව හොඳින් මතක තබාගන්න. ඔබ දිනකට කොතරම් ජලය පානය කල යුතුද සහ එය කොයි ආකාරයෙන් කල යුතුද යන්න අප ඉදිරි දිනකදී සලකා බලමු

661 Total Views 1 Views Today

Comments

comments