surfaceb2-662x400

Surface Book | www.techpedia.lk

Apple MacBook laptop එකක් යනු බොහෝ දෙනා ඉතා අසා කරන laptop පරිගණකයක් එමෙන්ම Apple MacBook පරිගණක යනු laptop පරිගණක අතර ප්‍රමුඛ ස්ථානයක් දරා සිටින පරිගණක වර්ගයක්. නමුත් මෑතකදී Microsoft සමගම විසින් ඔවුන්ගේම laptop පරිගණකයක් හඳුන්වා දෙනු ලැබුවා එය නම් කොට ඇත්තේ Surface Book ලෙසයි. මේ නවතම හඳුන්වාදීම Apple MacBook පරිගණකයට විශාල තරඟයක් ලබාදෙනු ඇති බව බොහෝ දෙනාගේ විස්වාශයයි. අද අපි ඔබට ගෙන එන්නේ Microsoft සමාගමමේ නවතම Surface Book පරිගණකය පිළිබඳ විස්තරයි

surfaceb3_2783291444150835-670x386

Microsoft Surface Book laptop එක අඟල් 13.5 කින් යුත් touch  screen එකකින්  සමන්විත වෙනවා.  මෙහි ඇති විශේෂම කරණය වනෙන් ඔබට මෙහි screen එක සහිත කොටස keyboard එක සහිත කොටසින් සම්පුර්ණයෙන්ම වෙන් කල හැකිවීමයි. මෙසේ වෙන් කිරීමෙන් පසුව screen එක සහිත කොටස tablet එකක් ලෙස භාවිත කිරීමට හැකියාව ඔබට ලැබෙනවා. මෙමෙ laptop එක තුල Nvidia GPU එකක් අන්තර්ගත වෙනවා එමගින් ඔබට වඩාත් ඉහල graphics quality එකක් ලබාගැනීමට පුළුවන්. එමෙන්ම මේ laptop එක නැවත charge කිරීමකින් තොරව පැය 12 ක කාලයක් ඔබට භාවිත කිරීමට හැකියාව තිබෙනවා.

surfaceb1-670x397

Surface Book එකෙහි අවම මිල ඇමරිකානු ඩොලර් 1,400 ලෙසයි සටහන් වී තිබෙන්නේ. මෙය වෙළඳ පොලට ලිකුත් වන්නේ ඔක්තෝම්බර් 26 වෙනිදා සිටයි. ඔක්තෝම්බර් 07 වෙනිදා සිට ඔබට මෙම නවතම laptop පරිගණකයක් කලින් වෙන්කර තබාගැනීමේ හැකියාව Microsoft සමගම ලබාදී තිබෙනවා.

Microsoft සමාගමට අනුව Core i5 හෝ i7 processor එකක් අඩංගු වන Surface Book පරිගණකයක් Apple Macbook Pro පරිගණකයකට වඩා දෙගුණයක් වේගවත් වෙනවා.  මෙහි අඩංගු වන PCIe SSD hard drive එක සාමාන්‍ය SATA SSD hard drive එකක් මෙන් දෙගුණයකටත් වඩා වේගවත්.

surface-book-5_2783291444150453-670x386

මේ laptop එකේ screen එක 3000 x 2000 resolution වලින් සමන්විත වෙනවා ඒ අනුව මේ screen එක 267 PPI (pixel per inch) අගයක් ගන්නවා. මේ laptop එකේ GPU එක අඩංගු වන්නේ keyboard එක  අඩංගු කොටසෙයි. මෙහි Camera දෙකක් අඩංගු වනවා ඉදිරිපස කැමරාව 5MP එකක් වන අතර එය Windows Hello face authentication පහසුකම සහිතයි. පසුපස කැමරාව 8MP අගයකින් යුතු වෙනවා

මෙමෙ laptop එකේ screen එක අඩංගු tablet එකක් ලෙස භාවිතයට ගත හැකි කොටස කිලෝග්‍රෑම් 0.7 ක පමණ බරකින් යුතු වෙනවා. එමෙන්ම එය මිලිමීටර් 7.7 ක ගණකමකින් යුක්තයි නමුත් keyboard එක සහිත සම්පුර්ණ laptop එක කිලෝග්‍රෑම් 1.5 ක බරකින් යුක්ත වෙනවා.  ළඟදීම වෙළදපොලට නිකුත් වෙන මෙම laptop පරිගනකය බොහෝදෙනා විසින් මිලදිගනු ඇතිබවට බොහෝ පිරිස් අනාවැකි පලකරනවා. වෙළඳපොළට නිකුත් කිරීමෙන් පසුව Microsoft Surface Book එකේ නවතම විස්තර ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

773 Total Views 1 Views Today

Comments

comments