screen shot 2015-11-12 at 2.44.45 pm

හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තුවක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදට වැටීමට නියමිතව තිබුනේ ඊයේ දිනයේදීයි. මේ පිළිබඳව අප ඔබට මිට පෙර සටහනකින් විස්තර ගෙන අවා. බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදිම ඊයේ මෙමෙ අභ්‍යවකාශ වස්තුව පෘථිවි වායුගෝලයට ඇතුල්වුණා නමුත් එයෙට මුහුදට හෝ ගොඩබිමට වැටෙන්නට අවස්ථාවක් පෘථිවි වායුගෝලයෙන් නම් ලැබුනේ නැහැ.

මෙම හඳුනා න නොගත් අභ්‍යවකාශ වස්තුව WT1190F යනුවෙන් නම්කොට තිබුනා. NASA ආයතනයට අනුව නම් මෙය සිදුරු සහිත වස්තුවක් එනම් මෙය මිනිසා විසින් නිර්මිත එකක් බවට නිගමනය වී තිබුනා. මෙය බොහෝදුරට මිට පෙර සිදුකරන ලද අභ්‍යවකාශ ගමනකදී රොකට්ටුවකින් ඉවත්වූ කොටසක් වනු ඇති බවට සැක පහල කෙරුණා.

පරීක්ෂකයන් සිතා සිටි පරිදි ශ්‍රී ලංකාවට ඉහල අහසෙන් මෙමෙ අභ්‍යවකාශ වස්තුව පෘථිවි වායුගෝලයට ඇතුල්වුණා. වායුගෝලයට ඇතුල්වූ වහාම එය ගමන් ගන්න අධික වේගය නිසා වායුගෝලය සමග ඇතිවන ඝර්ෂණය හේතුවෙන් එය අධික ලෙස රත්වීමට  භාජනය වෙනවා. මෙලෙස ජනනය වන තාපය නිසා එම වස්තුව ඉහල අහසේදීම ගිනිගෙන දැවීමට පටන් ගන්නවා. ගොඩබිම කරා ලඟා වීමට හැකිවන්නේ මෙලෙස දැවියාමෙන් අනතුරුව ඉතුරුවන කොටසට පමණයි.

WT1190F ආකාශ වස්තුව ඉතා කුඩා එකක් එම නිසා එය පෘථිවි වායුගෝලය සමග ගැටීමේදී ඇතිවූ තාපයෙන් සම්පුර්ණයෙන්ම දැවී අළුවී යන ආකාරය කැමරා කාච වල සටහන් වී තිබුනා. කෙසේ වෙතත් මෙම අකෂ වස්තුව පතිත වෙතැයි අනුමාන කරන ලද ප්‍රදේශය ගොඩබිමට ඉතා ආසන්නව පැවති නිසා ඒ ආශ්‍රිතව මුහුදු ගමන් සහ ගුවන් ගමන් සිමා කර තිබුනා. NASA ආයතයට අයත් පරීක්ෂණ ගුවන් යානා කිහිපයක්ම ඉහල අහසේ රැඳී සිටිමින් මේ සිද්ධිය පිළිබඳව තොරතුරු එක්රැස් කොට තිබුනා

පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝ පටයක්

633 Total Views 1 Views Today

Comments

comments